මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීඩියෝ තාක්ෂණය මඟින් නඩු කටයුතු ඇරඹේ

    ජනවාරි 20, 2021

    වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ වෙයි.

    කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම සිදු විය. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමර වලදී මෙම කටයුතු ආරම්භ විය. මේ සදහා වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර වල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සිදුකරන ලදී.

    මෙම ක්‍රියාවලිය Lanka Government Network යටතේ බන්ධනාගාර ස්ථාන 28 ක දැනටමත් ආරම්භ කර ඇත. මෙම නව පහසුකම මඟින් එම බන්ධනාගාරවල සිටින රැඳවියන් අභියාචනාධිකරණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත. වර්තමාන කෝවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම දිවයින පුරා උසාවි වෙත ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.

    මෙරට තුළ දැනට පවතින වසංගත තත්වය හමුවේ අධිකරණ පද්ධතිය තුල කඩිනමින් නඩු විසඳිමට විකල්පයක් ලෙස අන්තර්ජාලය යොදා ගනිමින් On Line ක්‍රමයට නඩු පවත්වාගෙන යාමේ ක්‍රමය ආරම්භ කර ඇත.

    මෙම කටයුතු සිදුකරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ පූර්ණ අධික්ෂණය යටතේය. මෙම ක්‍රියාවලියට සමගාමීව දිවයිනේ සියලුම අධිකරණ ආවරණය වන පරිදි පුළුල් අධිකරණ ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී. මෙම යෝජිත පද්ධතියට ස්වයංක්‍රීය නඩු ගොනු කිරීමේ පද්ධතියක්, උසාවි කළමනාකරණ පද්ධතියක් සහ උසාවි පටිගත කිරීමේ පද්ධතියක් ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය පත් කර ඇත.

     

     - අධිකරණ අමාත්‍යාංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya