මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජයට වෛරසය බෝවීමක් යුක්‍රේන ජාතිකයින්ගෙන් සිදු වී නැහැ - සංචාරක ඇමති

    ජනවාරි 20, 2021

    යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන
    ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.


    යුක්‍රේන ජාතිකයින්ට පමණක් නොව ඕනෑම රටකින් මෙරටට සංචාරකයින් ගෙන ඒමට අවසර දී තිබුණු බවත්, යුක්‍රේනය සම්පූර්ණයෙන්ම වසා දැමූ රටක් නොවන අතර, ප්‍රධාන රැස්වීම් සහ පාසල් වසා දමා අනිකුත් සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කරමින් සිටී බවත්, ඒ සියල්ල පිලිබඳ සොයා බැලීමෙන් අනතුරුව මෙරටට සංචාරකයින් ගෙන්වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    මේ වන විට 1500 ක පමණ පිරිසක් යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ ඇති අතර එමඟින් COVID19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ සිව් දෙනකු පමණක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
    එපමණක්නොව, මීට මාස 06 කට පෙර මාලදිවයින් සංචාරකයින්ට මෙරට විවෘත කිරීමේ දී මෙම කාල සීමාව තුළ 162,000ක පමණ පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එවැනි විටෙක රජය අනුමත පෞද්ගලික රෝහල් හා රසායනාගාර සමඟ මූලික සාකච්ඡාවක් සිදු කොට විදේශිකයින් ලංකාවට පැමිණීම බාධාවක් නොවන ආකාරයෙන් දැනට තිබෙන පහසුකම් සමඟ PCR පරීක්ෂණ දිනකට 2500 ක් පමණ සිදු කරමින් සිටින බවත්, ඉදිරියට එම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට එකී රෝහල් සහ රසායනාගාර මඟින් කටයුතු කරන බවත්, යම් හෙයකින් කොවිඩ් අසාදිතව සංචාරක පුද්ගලයෙකු පැමිණියහොත් එවැනි අයෙකුට අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අවශ්‍ය රෝහල් පහසුකම් ලබා දීමට ලංකාවේ පළාත් මට්ටමෙන් හෝටල් හෝ රෝහල් මිල දී ගෙන Covid19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    එමෙන්ම, සංචාරකයින්ට 21 වන දා ගුවන්තොටුපොළ විවෘත කිරීමේ දී එම පෙර අත්දැකීම් උපයෝගීකොට ගනිමින් කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya