අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් නිසා ත්‍රිකුණාමලයට සංචරණ සීමා

    දෙසැම්බර් 24, 2020

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

     

    ඉදිරියේ එන නිවාඩු කාලයේ සංචරණ කටයුතු දැඩි ලෙස සීමා කරන්නැයිද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළැක්විම සදහා අවශ්‍ය තින්දු තිරණ ගැනිමේ පළාත් කමිටුව (23) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි රැස්වූ අවස්ථාවේදි ඇය මේ බව කියා සිටියාය.

    මේ අතර ඉදිරි සති දෙක තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නාය. නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියාය.

    ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයන් පිළිබදව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් දැනට යොදවා ඇති මුර කපොලු සංඛ්‍යාව වැඩි කරන ලෙසත් ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියාය.

    මේ අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනගසිංහ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. ලතාහරන්, පොලිසිය , ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිළධාරින් ද මේ සදහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya