අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේ දී ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීනයේ ළමා නිවසකට භාණ්ඩ පරිත්‍යාග කරයි

    දෙසැම්බර් 23, 2020

    ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ෂැංහයි, ජර්ජියැංග් සහ ජියැන්ග්සු පළාත්වල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් සහ ජින්ජියැන්ග් නගරයේ චයිනා එම්පයර් ඕෆ්ෂෝර් ඉංජිනේරු උපකරණ නිෂ්පාදන සමාගම සහ ලිෂුයි නගරයේ ඇන්ටෙ සමූහය සමඟ එක්ව, 2020 දෙසැම්බර් 18 වැනි දින ෂැංහයි හොංකොවු හුයිෂින් ළමා නිවාසයේ සහ ෂැංහයි ජන්යුවේ හෙද නිවාසයේ දී පුණ්‍ය කටයුතු දෙකක් සිදු කරන ලදී.

     

     

    ෂැංහයි හොංකොවු හුයිෂින් ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට තෑගි සහ රසකැවිලි බෙදා දෙන ලද අතර, ෂැංහයි ජන්යුවේ හෙද නිවාසයේ සිටින වැඩිහිටියන් හට ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අසල ශ්‍රී ලාංකික ප්‍රජාව සහ චීන ව්‍යාපාරික ආයතන විසින් නොමසුරුව පරිත්‍යාග කරන ලද ශ්‍රී ලාංකික තේ සහ වෙනත් ප්‍රණීත ආහාර පිරිනමන ලදී.

     

    මෙම පුණ්‍ය කටයුතු සිදු කළ හැකි වූයේ නැගෙනහිර චීනයේ ශ්‍රී ලංකාවේ මිතුරන් සහ හවුල්කරුවන් විසින් ද්‍රව්‍ය හා අරමුදල් වශයෙන් කළ බොහෝ පරිත්‍යාග තුළිනි.

     

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම අතරතුර දී, 2020 වර්ෂය පුරාම ෂැංහයි හි කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩ කටයුතුවලට සහාය වූ ෂැංහයි, ජර්ජියැංග් සහ ජියැන්ග්සු හි ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව මෙහි දී කෘතඥතාපූර්වකව සඳහන් කිරීම වටී.

     

    2020 දී නැගෙනහිර චීනයේ විවිධ චීන රාජ්‍ය ආයතන, ව්‍යාපාර සහ පුණ්‍යායතන විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර හා පරිත්‍යාග, අභියෝගාත්මක කාලවල දී ප්‍රජාවන් සහ රටවල් එකිනෙකට සමීප කරවන අතර, සබඳතා නව උච්චස්ථානයන් කරා ගෙන යන බවට සාක්ෂියක් විය.

     

    ෂැංහයි හි වෙසෙන විශාල චීන ප්‍රජාව අතර මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතර ද රැකවරණය සහ පරිත්‍යාගය පිළිබඳ පණිවුඩය පතුරුවා හැරීම සඳහා සියලු දෙනාගේ ත්‍යාගශීලීභාවය සහ සහයෝගය පිළිබඳව ෂැංහයි හි කොන්සල් ජනරාල් කාර්යාලය සිය කෘතඥතාව පළ කරන අතර, 2021 වසරේ සහ ඉන් ඔබ්බට චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර අඛණ්ඩ සහයෝගීතාවය අපේක්ෂා කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya