අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම හදන යෝජනා සමගින් කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි

    දෙසැම්බර් 23, 2020

    සෑම ග්‍රාම සේවා වසමකින්ම ලබාගෙන ඇති ග්‍රාමීය සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර එක් එක් ව්‍යාපෘතියට අදාළ නිලධාරින් හා ආයතන හඳුනාගැනීම පිණිස කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (22) මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රැස් විය.

    එහිදී හඳුනාගත් එක් එක් සංවර්ධන යෝජනා කඩිනමින් අදාළ අමාත්‍යාංශ වෙත යොමු කරන ලෙසත් යෝජනාවල පිටපත් ජනාධිපති කාර්ය සාධක බලකායට සහ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත යොමු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ගමේ ජනතාවගේ ගැටළු ඔවුන් තුළින් ලබාගෙන එකී ග්‍රාමීය සංවර්ධන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් මෙතෙක් විසදී නොමැති කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතා ගැටළු රැසක් 2021 වසරේ විසඳිය හැකි බවට මෙහිදී වීරවංශ මහතා විශ්වාසය පළ කළේය.

    එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී මහත්මිය ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya