අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේරළ ගංජා කිලෝ 39 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

    දෙසැම්බර් 17, 2020

    මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 39 ග්‍රෑම් 197 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 14 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.


    වයඹ නාවික විධානය මගින් සිලාවතුර හා කල්පිටිය පොලිස් ස්ථාන හා එක්ව 2020 නොවැම්බර් 19, දෙසැම්බර් 03 හා 10 යන දිනයන්හි පුදුකුඩිරිප්පු, නොරොච්චෝලේ, කරඹේ සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අලෙවි කිරීම සඳහා ලඟ තබා ගත් සහ ප්‍රවාහනය කළ කිලෝ 25 ග්‍රෑම් 318 කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් 07 ක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි

    එමෙන්ම, නැගෙනහිර නාවික විධානය මගින් කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මුලතිව් පොලීසිය සමඟ එක්ව 2020 දෙසැම්බර් 02,04 හා 10 යන දිනයන්හි මඩකලපුව පුතූර්, පුල්මුඩේ සහ මුලතිව් පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අලෙවි කිරීම සඳහා ලඟ තබාගෙන සිටි, ප්‍රවාහනය කළ සහ අලෙවි කිරීමට උත්සහ කළ කිලෝ 02 ග්‍රෑම් 674 ක පමණ කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් සහ යතුරුපැදි දෙකක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

    තවද, දකුණු නාවික විධානය සහ උතුරු මැද නාවික විධානයන් මගින් හම්බන්තොට හා මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායන් සහ ජයපුරම් පොලීසිය සමඟ එක්ව 2020 දෙසැම්බර් 10, 14 සහ 15 යන දිනයන්හි ඇඹිලිපිටිය, මන්නාරම සහ මුලංකාවිල් පල්ලවාරයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අලෙවි කිරීමට සූදානම් කළ සහ සඟවා තිබූ කිලෝ 11 ග්‍රෑම් 205 ක පමණ කේරළ ගංජා සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 ත් 46 ත් අතර වයසේ පසුවන සිලාවතුර, එත්තාලෙයි, පානදුර, වීරකැටිය, කොළඹ 12, කොළඹ 14, මඩකළපුව පුදුනගර්, පුල්මුඩේ, උදයර්කට්ටු, ඇඹිලිපිටිය සහ තණමල්විල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, මෝටර් රථය (01) සහ යතුරුපැදි දෙක (02) ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා සිලාවතුර, නොරොච්චෝලේ, කල්පිටිය, මඩකළපුව, පුල්මුඩේ, මුලතිව්, ඇඹිලිපිටිය, මන්නාරම සහ ජයපුරම් යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya