මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ප්‍රතිදේහ ජනක ( ANTIGEN ) කට්ටල ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

    නොවැම්බර් 16, 2020

    කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීමට නව ප්‍රතිදේහ ජනක ( ANTIGEN ) කට්ටල ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

    කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීමට කරන PCR පරීක්ෂණයට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන කඩිනම් ප්‍රතිදේහ ජනක කට්ටල ( ANTIGEN ) ලක්ෂයේ පළමු කොටස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීම, අද දින (16) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.


    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO ) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය විසින් මෙම ප්‍රතිදේහ ජනක කට්ටල ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ලබා දෙන ලදී.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන, ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya