මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩ බිම්වල දිරාපත් වන වාහන ගැන වහාම වාර්තාවක් ලබා දෙන්න- අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    නොවැම්බර් 10, 2020

    දිවයින පුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මඟ නැගුම ආයතනයට අයත් කාර්යාල භූමිවල කෝටි ගණනක් වටිනා කාර්, කැබ් රථ, ජීප් රථ, ටිපර් රථ, එස්කැවේටර්, ඩෝසර් ඇතුළු රථ වාහන  හා මාර්ග සංවර්ධනයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ දිරාපත් වන්නට ඉඩ හැර ඇති බවත් වහාම මෙම වාහන අළුත් වැඩියා කර භාවිතයට ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා මඟනැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට නියෝග කර ඇත.

    පසුගිය යහපාලන රජය සමයේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව සොයා නොලැබීම නිසා වල් බිහිවී විනාශ වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, මගනැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    යන්ත්‍රෝපකරණ මේ ආකාරයෙන් විනාශවීම ජාතික අපරාධයක් බව සදහන් කළ ජොන්ටන් ප්‍රනාන්දු මහතා, සියළුම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව වාර්තාවක් හා එහි වටිනාකම්ද  තක්සේරු කර තමන් වෙත ලබා දෙන ලෙස මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට,අමාත්‍යවරයාගේ ලේකම් මෙහොමඩ් ශාකීර් මහතාට හා මාර්ග සංවර්ධන  අධිකාරියේ යාන්ත්‍රික අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya