අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය

    නොවැම්බර් 05, 2020

    අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හාරසිය හතලිස් තුන් දෙනෙකු (443) හඳුනාගෙන ඇත. එම පුද්ගලයන් හාරසිය හතලිස් තුන් දෙනා (443) දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.


    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (05) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 8,713 දෙනෙකු වේ. ඒ අතර, පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන්ද, පුද්ගලයින් 1,007 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳපොල හා සම්බන්ධ පුද්ගලයින් වන අතර, පුද්ගලයින් 6,665 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපොලට සම්බන්ධ ළඟම ආශ්‍රිතයන් වේ. ඉන් මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 412 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර, සමස්ත ආශ්‍රිතයන්ගෙන් 2,024 දෙනෙකුද මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

    අද (05) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (05) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය පනස් හය දෙනෙකු (156) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් අනූ දෙදෙනෙකු (92) ද, රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් විසි හත් දෙනෙකු (27) සහ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් හත් දෙනෙකු (37) වශයෙන් වේ. එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද (05) දිනය වනවිට පුද්ගලයින් 63,439 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, අද (05) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 2,601 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (04) දිනය තුලදී PCR පරික්‍ෂණ 10,655 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 546,803 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (05) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දෙසිය හැත්තෑ හත් දෙනෙකු (277) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් දෙසිය හැත්තෑ හත් දෙනා (277) අතරින් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට පැමිණි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් දෙසිය හැත්තෑ හය දෙනා (276) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya