මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධ අභියාචනා වෙතොත් ඊ-මේල් කරන්න

    නොවැම්බර් 03, 2020

    මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට වසරක් තුළ බඳවා ගැනෙන වැඩිම සිසුන් සංඛ්‍යාව ලෙස සිසුන් 10,000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබා දීමේ තීරණය යථාර්ථවත් කරමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

    පසුගිය වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කරගත් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව තිස් දහසක් වන බවත්, 2019 වර්ෂයේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ සමත් සිසුන් 41,500ක් මෙවර ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව වෛද්‍ය පීඨයට සිසුන් 371 ක්ද, ඉංජිනේරු පීඨයට සිසුන් 405 ක් ද, නීති පීඨයට සිසුන් 126 ක් ද, ජෛව තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණ පිඨ සඳහා සිසුන් 350 බැගින් ද, කළමනාකරණ පීඨය සඳහා සිසුන් 900 ක්ද, ශාස්ත්‍ර පීඨය සඳහා සිසුන් 815 ක්ද කෘෂිකර්ම, විද්‍යා ඇතුළු අනෙකුත් උපාධි පාඨමාලා සඳහා සිසුන් 6000 ක් ද මෙවර බඳවා ගැනීමට නියමිතය.

    නව නිර්දේශ සහ පැරණි නිර්දේශය යටතේ 2019 වසරේ උසස් පෙළ විභාගය සමත් සිසුන් විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී 2011, 2012 වර්ෂවල දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලබාදුන් නියෝග අනුව, සිසුන් දෙපිරිසටම කිසිදු අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කිරීමට පියවර ගත් බවද සභාපතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

    එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීමත් සමඟ, පාඨමාලා වෙනස් කිරීම්, විශ්වවිද්‍යාලය වෙනස් කිරීම ඇතුළු සිසුන්ට පැන නගින ගැටළු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීම මෙවර විද්‍යුත් තැපෑල හරහා පමණක් සිදු කිරීමට සිදු වන බව ද ඒ මහතා පැවසීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියෙන් www.ugc.ac.lk හෝ, සෘජුවම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයෙන් හෝ සිසුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya