මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොව්ඩ්-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සියලුම විහාරස්ථානවල රතන සූත්‍රය සඡ්ඡායනා කරන්න

    නොවැම්බර් 01, 2020

    කොව්ඩ්-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සියලුම විහාරස්ථානවල රතන සූත්‍රය සඡ්ඡායනා කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියි

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.
    කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබේ.
    එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඡායනා කිරීම සිදු වෙයි.
    මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සඡ්ඡායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya