මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොල ස්ථිර නිවසක් නොමැති පවුල් සදහා නව නිවාස

    නොවැම්බර් 01, 2020

    “ඔබට ගෙයක් - රටට හෙටක්” ව්‍යාපෘතිය යටතේ වාරියපොල හා බමුණාකො‍ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල් වෙත නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.


    මේ යටතේ ඉහත ප්‍රා.ලේකම් කොට්ඨාශ තුල පිහිටි ග්‍රාම නිළධාරී වසම් 56 හි සෑම වසමකටම එක නිවසක් බැගින් ඉදිකිරීමට නියමිතයි.
    එක් නිවසක් ඉදි කිරීම සදහා රජය ලබාදෙන ආධාර මුදල ලක්ෂ 06 කි. පලමු අදියර යටතේ නිවාස 18 කට මුල් ගල් තබා වැඩ ආරම්භ කිරීම පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා අතින් සිදු කෙරිණි.
    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, දේශයේ සෑම පවුලකටම නිවසක් හිමිකර දීම ඒහි එක් අරමුණකි. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දිනට පෙර නිවාස ඉදි කිරීමට අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya