අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ විනෝද චාරිකා එපා-නිරෝධායන නීති අනුව කටයුතු කරනවා- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

    ඔක්තෝබර් 29, 2020

    රටේ උද්ගතවී ඇති Covid -19 වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අද (29) දින මාධ්‍යට වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කරිමට අවශ්‍ය පියවර ගරනීමට අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවය.

    නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රේගරි වැව උද්‍යානය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා ඇති බවත් පැවසු දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පවතින වසංගත තත්වය හමු‍වේ රට ආරක්ෂා කර ගැනීමට රජය ගෙනයන සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙලට සැමදෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- නුවර එළිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya