දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාවේ අවශ්‍යතාවය පිළිඹිබු කරමින් යෝජනාවන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නිල වශයෙන් බලාත්මක වූයේ 1945 ඔක්තෝබර් 24 දාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තරම් නීත්‍යානුකූලභාවය, බලය කැදවීම සහ ප්‍රමිතිගත බලපෑමක් සහිත වෙනත් ගෝලීය සංවිධානයක් ලොව නොමැතිතරම්ය. මෙම සංවිධානය ආරම්භ වී වසර දහයක් ගතවනවිට 1955 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රි ලංකාවට නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය හිමිවිය.
මෙසේ නිල සමාජිකත්වය හිමිවනවිටත් 1948 වසරේ පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රි ලංකාව සමග අනොන්‍ය සබඳතා ආරම්භ කර තිබිණි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වනවිටත් ශ්‍රි ලංකාවේ කාර්යාල පිහිටුවමින් රටට අවශ්‍ය සාධනීය මැදිහත්වීම් කර තිබිණි.
රටවල් 193ක් සමාජිකත්වය දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එදා මෙදා තුර ශ්‍රි ලංකාවට ලැබුණු දායකත්වය අති විශාලය. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය මට්ටම දියුණුකර ගැනීම, ආර්ථික, සමාජයීය දියුණුව, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒ අතරින් ප්‍රධාන වේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ මුළු ලෝකයටම වඩාත් ප්‍රබලව සිහිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක තිබෙන වැදගත්කමයි. මෙවැනි සංවිධානගතවීමක් නොමැති වුවා නම් අද ලෝකයටම නිවැරදි මාර්ගෝපදේශයන් නොලැබී යන්නට ඉඩ තිබිණි. ඒ අනුව ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරමින් අනාගත වසංගත තත්ත්වයන්ට හා ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට අද වැනි දිනක අප අදිටන් කර ගත යුතුය.
විශේෂයෙන් සුනාමි ව්‍යවසනයෙන් පසුවත්, දශක තුනක යුද්ධයෙන් පසු රට ගොඩනැගීමේ කාර්යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු සහයෝගය මේ මොහොතේ මම කෘතවේදීව සිහිපත් කරමි. එමෙන්ම ලෝක සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන කැපකිරීම උදෙසා සාම සාධක හමුදා භට පිරිස් යොමුකරමින් ශ්‍රි ලංකාව සාමාජික රටක් ලෙස හැකි උපරිම දායකත්වය ලබා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 වසරේ සම්මත කරගත් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක 17ක් වෙත පිය නැගීමට මුළු ලෝකයම මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටී.
පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, ආර්ථික දියුණුව හා සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීම, කර්මාන්ත, යටිතල පහසුකම් හා නවෝත්පාදනය දියුණු කිරීම, තිරසර නගර සහ ජනාවාස ඇති කිරීම, වගකීම් සහිත පරිභෝජනය හා නිෂ්පාදනය,
දේශගුණ විපර්යාසවලට ක්‍රියාමාර්ග ගැනීම, සාගර සම්පත් හා ජලජ ජීවීන් සුරක්ෂිත කිරීම, ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම, සාමය ඇති කිරීම හා යුක්තිය හා සාධාරණය ඇති කරන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, දරිද්‍රතාව තුරන් කිරීම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ යහපත් සෞඛ්‍ය හා සුබසාධනය ඒ අතර ප්‍රධාන වේ. ශ්‍රි ලංකාවද 2030 වසර වන විට මෙම තිරසර ඉලක්ක වෙත ළගාවීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
ඒ සඳහා වන සියලු දුෂ්කරතා මගහැරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දක්වා ශ්‍රි ලංකාවට දක්වන අනුග්‍රහයන් ඉදිරියටත් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය