මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වැඩිහිටියන්ට සළකන සංස්කෘතිය නැවතත් රට තුළ ඇති කිරීම අපේ රජයේ ප්‍රතිපත්තියයි "- සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 02, 2020

    “වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න තේමා කර ගත් ලෝක වැඩිහිටි දිනය 2020 ඔක්තෝබර් මස 01 දිනට එනම් අද දිනට යෙදී තිබුනි. ලොව පුරා වැඩිහිටි දිනය සමරා වැඩසටහන් පැවැත්වෙන අතර, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ මෙරට ජාතික වැඩිහිටි දින සැමරුම් උත්සවය (01)දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

     

    මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - "අතිගරු ජනාධිපතිතුමා ඇතුලු නව රජය වැඩිහිටියන් ඉළක්ක කරගෙන ඔවුන්ට කායික සහ මානසික සහනදායි වටපිටාව හදන ප්‍රතිපත්තියක පිහිටලයි කටයුතු කරන්නේ. වැඩිහිටියෝ කියන්නේ තමන්ගේ තරුණ කාලයේ මාතෘ භූමියට විශාල කැප කිරීමක් කළ අය. අපි තාම වැඩිහිටියන්ට පරාදයි. ඔවුන් අවම පහසුකම් යටතේ කැපකිරීම්. සිදු කර තරුණ පරපුර ඉදිරියට ගෙන ආවා. අපේ දරුවෝ භෞතික වටිනාකම් මත යැපෙන පිරිසක් බවට පත් වෙලා."

    "අපේ පළමු කර්තව්‍ය විය යුත්තේ වැඩිහිටියන්ට සළකන සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කිරීමයි. අපේ රටේ එහෙම සංස්කෘතියක් අතීතයේ තිබුනා. ලොකයේ වෙනත් රටවල එම සංස්කෘතිය නැහැ. අපේ රටේ දෙමව්පියෝ තාමත් දරුවන්ට කියලා ඉතිරි කරනවා, දරුවා වෙනුවෙන් කැපවෙනවා. අපේ රටේ තිබුණ පැරණි සංස්කෘතිය වන වැඩිහිටියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය, වැඩිහිටියන්ට සළකන සංස්කෘතිය, මනෝභාවය නිර්මාණය කළ යුතුයි. එය නව පරම්පරාවේ වගකීමක් වෙනවා. මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල මෙන්ම වැඩිහිටි ලේකම් කාර්යාලය සහ ආයතනවල ද එය ප්‍රධාන වගකිමක් වෙනවා. අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය එයයි."

    ශ්‍රී ලංකාව තුල වැඩිහිටි ජනගහනය අර්ථ දක්වන්නේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය ලෙසය. වර්ෂ 2050 වන විට වැඩිහිටි ජනගහනය මුළු ජනගහනයෙන් සියයට 30 කට ආසන්න වනු ඇතැයි තක්ෂේරු කර ඇත. වැඩිහිටියන් අතර බහුල සෞඛ්‍ය ගැටළු වන්නේ බෝනොවන රෝග, මානසික ආබාධ සහ ආබාධ ඇතුලු දිගුකාලීන රෝග වේ. මෙම ගැටළු මගහැරවීම දෙස බලන විට විශේෂයෙන් බෝනොවන රෝග වැළැක්වීම සදහා නිසි පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජිවන රටා ජිවිත කාලය පුරාම වැදගත් වේ. වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සදහා වන ජාතික වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධ ඒ්කකයි. දිවිය පුරා ක්‍රියාශීලී වයස්ගතවිම පිළිබද දැනුවත්භාවය වැඩිදියුණු කිරීම ඇතුලු වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සදහා බොහෝ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් දියත් කොට ඇත. තවදුරටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණූ කිරිම සදහා වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සේවා බෙදාහැරීමේ සැළැස්මට සමගාමීව පස් අවුරුදු සැළැස්මක් ද ක්‍රියාත්මක වේ.

    මෙහිදී වැඩිම දරුවන් සිටින මව්වරුන් පිදීම, ආදරයයි කරුණාවයි කෘතිය පිළිගැන්වීම, වැඩිහිටි නිවාස සදහා මුදල් ආධාර සහ ලියාපදිංචි සහතික පිරිනැමීම, වැඩිහිටි හරසර ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගතම වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම ද සිදු විය. එහිදී වැඩිම දරුවන් දැයට දායාද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනෙක් දැයට දායාද කළ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම් මැණික්හාමි මාතාව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ඇගයීමට ලක් කර තිළිණයක් ප්‍රදානය කරන ලදි.

    මෙම අවස්ථාවට වැඩිහිටි තැනැත්තන් සදහා වූ ජාතික සභාවේ සමාජික මහාචාර්ය පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි ඇතුළු සර්වාගමික පූජකතුමන්ලා, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන රණවීරආරච්චි මහතා, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ තුමා, කොළඹ විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම වැඩිහිටි බලමණ්ඩල සාමාජිකයින් ඇතුළු වැඩිහිටි ප්‍රජාව එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya