මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 17ක වියදමින් අළුත්වැඩියා කළ බස්රථ 10ක් ජනතා අයිතියට

    සැප්තැම්බර් 29, 2020

    රජයට අයත් සීමාසහිත ලක්දිව ඉංජිනේරු සමාගමේදී අළුත්වැඩියා කෙරුණු බස් රථ 9ක් හා ආපදා රථයක් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් 28 දින ජාඇල ලක්දිව ඉංජිනේරු සමාගම් වැඩ බිමේදි සිදු කෙරිණි.

    මෙහිදී අමාත්‍යවරුන් දෙපල අතින් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වෙත මෙම බස් රථ හා ආපදා රථයේ යතුරු භාරදීම සිදු කෙරිණ.

    නිකවැරටිය , මාතර ,පානදුර, කිරිදිවැල, අළුත්ගම, කැස්බෑව, ඇල්පිටිය හා ගල්ගමුව යන ඩිපෝවලට මෙම බස් රථ ද රඹුක්කන ඩිපෝවට ආපදා රථයද ලබා දුනි.

    මෙහිදි අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මහතා ‘‘දැනට දිවයිනේ සියළුම ප්‍රදේශවලට අයත් ඩිපෝවල තිබෙන ගර්භිත බස්රථ අතීතයේදි මෙන් වෙන්දේසි නොකොට ලක්දිව ඉංජිනේරු සමාගම මගින් මෙලෙස අළුත්වැඩියා කොට නැවතත් මගී ජනතාවගේ ප්‍රයෝජනය සදහා ලබා දීමට කටයුතු කරන බව දැන් වු අතර, මෙම ලක්දිව ඉංජිනේරු සමාගම ඉතාමත් අමාරුවෙන් පවත්වාගෙන යන ආයතනයක් වුවත් වර්තමානයේ පාලක පක්ෂය හා සේවකයින් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් ආයතනය නගා සිටුවීම සදහා කැපවීමෙන් කටයුතු කර ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ අළුත්වැඩියා කිරිමේ කටයුතු සාර්ථකව කරගෙන යාම පැසසුමට ලක් කළේය. ඉදිරියේදි බස්රථවල බෝඩිය පමණක් නොව, යාන්ත්‍රික කොටස්වල අළුත්වැඩියාවන්ද සිදුකල හැකි පරිදි එම ආයතනය වැඩි දියුණු කිරිමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ නායකත්වය යටතේ සිදු කිරිමට නව සභාපති කසුන් වෑකඩපල මහතාටත් සියළුම සේවකයින්ටත් ප්‍රවාහන අමාත්‍යාංශ යටතේ ලැබිය යුතු සියළුම සහය ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

    කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දී සිටින ආර්ථික පසුබෑම නිසා ආනයනය සදහා වැය වන විදේශීය විනිමය ඉතිරිකරගෙන දේශිය සම්පත් හා සේවාවන් යොදාගෙන ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රි ලංකා දුම්රිය සේවය නගා සිටුවීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වය යටතේ නව රජය කටයුතු කරමින් සිටින බවත් ලබන වසරේ ජනවාරි 01 වන විට අබලන් වී ඇති බස්රථ 200 කට වැඩි ප්‍රමාණයක් අළුත්වැඩියාකොට ධාවනයට ලක් කිරිමෙන් මගී ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් පැවසීය.

    එසේම මෙම ආයතනය තව දුරටත් වැඩි දියුණුකොට යුගයට ගැලපෙන නවීන බස්රථ එකලස් කිරිමේ කටයුත්ත දක්වා මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරිමේ පරිවර්තනය මෙම ආයතනය තුල සිදු කිරිමට හැකි බව බවටත් අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.

    මෙම අවස්ථාවට වාහන නියාමන,බස්රථ ප්‍රවාහන සේවා,දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කසුන් වෑකඩපල, ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරුන්ද, ලක්දිව ඉංජිනේරු සමාගමේ සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya