මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සිදු කිරීමට නියමිතයි- රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

    සැප්තැම්බර් 28, 2020

    ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුවූ බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි අතර සැප්තැම්බර් 26 දින සිදුවූ සාකච්ඡාව සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (28) දින
    පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉදිරි කාලයේදී වෙළඳ පරතරය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීමට කටයුතු කරන බවත්, මේ වන විට ඉන්දියාවට අප රටෙන් අපනයනය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සහ මුදල් ගණුදෙනු සිදුකිරීමට නියමිත බවත්, ඒවා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුවූ බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya