ජූනි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ දී අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට පියවර

    සැප්තැම්බර් 25, 2020

    මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන්අදාළ ආයතන සමග විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් 23 වන දින පස්වරැවේ බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.


    ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ග්‍රී ලංකා පොලීසිය. ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතනවල දායකත්වය විධිමත් ලෙස සම්බන්ධීකරණය කර ගැනීම තුළින් මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කර ගැනීම සාර්ථකව ක්‍රියාත්මක කිරීම මෙම සාකච්ජාවේ අරමුණ විය.

    පරිසරයට හානි නොවන ලෙස අමුද්‍රව්‍ය සපයා ගනිමින් මාර්ග සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවට අතිගරු ජනාධිපතිතුමන්උපදෙස් ලබා දී ඇති බැවින් අදාළ ආයතන මහාමාර්ග අමාත්‍යාංශය සමග මනා අවබෝධයකින් යුතුව ක්‍රියාත්මක විමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාවේදී පැහැදිලි කරනු ලැබීය. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම දැවැන්ත කාර්යභාරයක් බැවින් අදාළ ඉලක්කය අවුරුදු හතරක කාල සීමාවකදී සපුරා ගැනීමට අදාළ ආයතන සමග නිසි සම්බන්ධතාවය පවත්වා ගැනීම තුළින් සිදුවන ප්‍රමාදයන් වලක්වා ගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    මාර්ග සංවර්ධනයට අවශ්‍ය ගල්, පස්, බොරළු, වැලි ආදී අමුද්‍රව්‍ය සපයා ගැනීම සදහා බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය දීර්ඝ වීම තුළ අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඇතිවන ප්‍රමාදයන්ට විසදුම් සෙවීම, අදාළ අමුද්‍රව්‍ය සපයා ගත හැකි ස්ථාන හදුනා ගැනීම, අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී පවතින ගැටළු ආදියට විසදුම් ලබා ගනිමින් කිලෝ මීටර් ලක්ෂයේ ඉලක්කයට යායුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

    මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන මහත්වරු ඇතුළු මෙම ව්‍යාපෘතියට දායකත්වය දක්වන ආයතන ප්‍රධානීන් ඇතුලු උසස් නිලධාරීක් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya