මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021 වර්ෂයේදී නොමිලයේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අනුමැතිය

    සැප්තැම්බර් 10, 2020

    2021 වර්ෂයේදී නොමිලයේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරිණි.

     

    2021 වර්ෂයේදී නොමිලේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400ක් මුද්‍රණය කළ යුතුව තිබේ.
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පෙළපොත් වර්ග 106කින් පිටපත් 13,890,000 ක ප්‍රමාණයක් රුපියල් මිලියන 1,093.71ක මුදලකට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් සහ තවත් පෙළපොත් වර්ග 294කින් පිටපත් 25,541,500ක ප්‍රමාණයක් රුපියල් මිලියන 2,059.01ක මුදලකට විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මගින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya