මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දෙමින් ජනතාවට බදු සහන ලබා දෙමින් ජනපති බලයට පත් වී කෙටි කාලයක් තුළ විශාල වැඩකොටසක් සිදු කළා

    සැප්තැම්බර් 10, 2020

    ''රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම සහ ජනතාවට බදු සහන ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී මාස 08ක් වැනි කෙටි කාලයක් තුළ විශාල වැඩකොටසක් ඉටු කළේ''යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කීය.

    පසුගිය මාස 06 තුළ සැකකරුවන් 17,000ක්, ගිනි අවි 420 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පෙන්වා දුන් අමාත්‍යවරයා තම රජය කැබිනට් මණ්ඩඩලය 30කට සිමා කළ බවත් විෂයන් බෙදීමේදී එය වඩාත් ක්‍රමානුකූලව සිදු කළ බවත්, පෙන්වා දුන්නේය.

    මැතිවරණ කොමිසම හැකිලූ ප්‍රාදේශීය සහ පළාත් සභා ඡන්ද කල් දැමූ විපක්ෂය අද අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කතා කරන බවත් පසුගිය රජය 19 වන ව්‍යවස්ථාව ගෙන ආවේ රාජපක්ෂවරු බලයට පත් වීම වැළැක්වීමට බවද ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya