මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ද්විපාර්ෂවික ගිවිසුමක්

    සැප්තැම්බර් 10, 2020

    යුරෝපා සංගමයේ මූල්‍යාධාර යටතේ පළාත් පාලන ආයතනවල සභිකයින් හා කාර්යමණ්ඩලය පුහුණු කිරීම සඳහා වන සිව් අවුරුදු ගිවිසුමක් සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 08 දිනදී අත්සන් කරන ලදී.

    මෙම ගිවිසුම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි ව්‍යාපෘති කළමණාකරු වී.නවනීදන් මහතාත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායන නිලධාරී නීතිඥ ජයන්ත ලියනගේ මහතාත් අත්සන් තැබූහ.

    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේදි පැවති මෙම අවස්ථාව සඳහා එම ආයතනයේ උපදේශක අජිත් රත්නායක, පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී.සී ධර්මරත්න සහ අධ්‍යයන හා පුහුණු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුක්ලන්ති කාර්යප්පෙරුම යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. තවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි උපදේශක රමනේෂ් කදිරවේලු, මහේෂිකා හේරත්, නිරෝෂන් යන මහත්ම මහත්මීන්ද එක්වූහ.

    පළාත් පාලන අයකනයන්හී සේවය කරනු ලබන මහජන නියෝජිතයන් ඇතුළු සෙසු නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රදේශ කරා ගොස් අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්විම මෙම වැඩසටහනේ අරමුණ වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya