මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම් මුහුදේ ආරක්ෂාව වැඩි කිරීමටත් මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවරයින් අත් අඩංගුවට ගැනීමටත් පියවර- රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර

    සැප්තැම්බර් 09, 2020

    පසුගිය දින කිහිපයේදී ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් මේ පිළිබඳව ආරක්ෂක කවුන්සිලය සහ නාවික හමුදාව දැනුම්වත් කර ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව මන්නාරම් මුහුදේ ආරක්ෂාව වැඩි කිරීමටත් මෙලෙස පැමිණෙන ධීවරයින් අත් අඩංගුවට ගැනීමට දැඩිව ක්‍රියාත්මක වන බවත් ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඉන්දියානු ධීවර ටෝලර් යාත්‍රා මන්නාරම්, මුලතිව් හා යාපනය මුහුදේ ධීවර කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් සහ අද දිනයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ධීවරයින් මේ සම්බන්ධයෙන් විරෝධතා පෙළපාලියක් යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා නගන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නාවික හමුදාව මේ පිළිබඳව දැනුවත් කර ඇති බවත් පසුගිය දින කිහිපයේ එම්.ටී ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගිනි ගැනීම මැඩපැවැත්වීමේ සුවිශේෂී මෙහෙයුම වෙනුවෙන් විශාල පිරිසක් ඒ සඳහා යොමු කිරීමට සිදු වූ බවත් තවද කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගන්නා ධීවරයින් රඳවා ගැනීමේ ගැටළුවක් පැන නැගුණු බවත් පැවසූ අමාත්‍යවරයා එහෙත් ඉදිරියේදී මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya