මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනවිලුන්දාව තෙත් බිමි කළාප ආශ්‍රිතව ඇති වූ පරිසර පද්ධති විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග - අමාත්‍ය සී.බී.රත්නායක

    අගෝස්තු 28, 2020

    ආනවිලුන්දාව තෙත් බිමි කළාප ආශ්‍රිතව ඇති වූ පරිසර පද්ධති විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොළීසියේ පැමණිලි සටහන් කරමින් එම යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යා සී.බී. රත්නායක මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

    යම් කිසි පුද්ගලයෙක්, මදු දමමින් වනසතුන් අල්ලමින් පරිසරය විනාශ කරන්නේ නම් හෝ එමෙන්ම ගොවිජනතාවට වන සතුන්ගෙන හානියක් වේ නම් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුම්වත් කරන මෙන් වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යා සී.බී. රත්නායක මහතා ජනතාගෙන් ඉල්ලා සිටියේය.

    මේ මහපොළොව, මේ නිජබිම, මේ මිහිතලය රැකගෙන ආරක්ෂා කරමින් සෞඛ්‍යසම්පනන්, උගත්, නිරෝගිමත් දරු පරපුරකට මේ රට භාරකිරීමේ වගකීම අප සතු බවත් අවංකව එම කාර්ය ඉටු කරන්නන්ට සහය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.

    තවද ආනවිලුන්දාව තෙත් බිමි කළාප ආශ්‍රිතව ඇති වූ පරිසර පද්ධති විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොළීසියේ පැමණිලි සටහන් කරමින් එම යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya