මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී.සී ආර් පරික්‍ෂණ 200,148ක් සිදු කරයි

    අගෝස්තු 23, 2020

     ශ්‍රී ලංකාව තුළ පී.සී ආර් පරික්‍ෂණ 200,148 ප්‍රමාණයක් මේ වනවිට සිදුකර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     (21) දිනය තුළදී PCR පරික්‍ෂණ 1590 ක් සිදුකර ඇත.

    ඊයේ (22) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් හය දෙනෙකු (06) විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් දහ අට දෙනා (18) දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 589 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව
    ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 40 දෙනෙකු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya