මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1567 දක්වා ඉහළට

    අගෝස්තු 23, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 ඉක්මවා තිබේ.

    ධනුක නදිරංග මහතා රුපියල් 2,500ක්, නීතිඥ එස්.කේ.ඩබ්.ගුණවර්ධන මහතා රුපියල් 50,000ක්, එල්.එන්.කේ.පී. ජයකොඩි මහතා රුපියල් 1,000ක් සහ ඩබ්.ඩී. දෙව්දුනු චාමිකර පුතු රුපියල්
    603ක් අරමුදලට පරිත්‍යාග කළහ. අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.

    කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රුපියල් 112,800ක්, ඩබ්. සිසිර ගුණතිලක මහතා රුපියල් 25,000ක්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය රුපියල් 473,870.82ක්,
    ප්‍රියන්ත කළුබෝවිලගේ මහතා රුපියල් 15,000ක්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 696,297.01ක්, ශ්‍රී ලංකා ජාතිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ. දිසානායක මහත්මිය රුපියල්
    177,000ක්, මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ.එච්. පලිහක්කාර මහතා රුපියල් 50,000ක් සහ මුදල් කොමිෂන් සභාවේ සාමාජික වී. කනගසභාපති මහතා රුපියල් 50,000ක් අරමුදලට පරිත්‍යාග
    කර තිබේ.

    දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,567,551,476.66 කි.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය.
    දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya