මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අක්‍රමිකතා සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක්

    අගෝස්තු 22, 2020

    භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අක්‍රමිකතා සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ.

    භූ විද්‍යා පතල් කාර්යාංශය හොර ගුහාවක් යැයි සඳහන් කරමින් එම ආයතනයේ සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් පූර්ණ අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා විමර්ශනයක් සිදු කිරීමට ත්‍රිපුද්ගල තමිටුවක් තමන් විසින් පත් කරන ලද බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    (21) දින පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

    මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා අමාත්‍යාංශයේ නිලධාරියෙක්ද, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් හා අභ්‍යන්තර විගණන නිලධාරියෙක් ද මෙම  කමිටුවට අයත් වේ.

    එමෙන්ම මේ සම්බන්ධව එක දිනක් තුළ මුලික විමර්ශන වාර්තාවක් සකස් කරනු ලැබ ඇති අතර එම මුලික විමර්ශන වාර්තාව පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල්  ජාසිංහ මහතා විසින් අමාත්‍යවරයා වෙත (21) දින බාර දෙනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ දූෂිත පුද්ගලයින් කවුරුන් වුවද තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන බවයි. රාජ්‍ය ආයතන  සියල්ල වංචාවෙන් දූෂණයෙන් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළ අනුව මෙම කමිටු විමර්ශන වාර්තාව සති දෙකක් තුළ තමන්ට ලබා දීමට කටයුතු කරන  ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

    එමෙන්ම මේ සම්බන්ධව කිසියම් පුද්ගලයෙක්, පාර්ශ්වයක් හෝ කෙණ්ඩායමක් වගකිව යුතු බව හෙළිවුව හොත් ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවද  අමාත්‍යවරයා කීය.

    මීට අමතරව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිලිවෙලට සහාය දෙමින් පරිසර අමාත්‍යාංශය කටයුතු කරන බවත් අපේ රටේ නිපදවිය හැකි භාණ්ඩ රැසක් එනම්,  ප්ලාස්ටික් කොසු ඉදල් පමණක් නොව පනාව හා ඇල්පෙනෙත්ත පවා ආනයනය කරන අතර ඒවා සියල්ල ආනයනය තහනම් කිරීමට රජය විසින් මේ වනවිටත් දීර්ඝ භාණ්ඩ ලැයිස්තුවක් සකස්  කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya