මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ සෞඛ්‍ය අමාත්‍යවරිය අතර විශේෂ හමුවක්

    අගෝස්තු 22, 2020

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් (21) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

     

    විශේෂයෙන් මෙහිදී කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයෙදී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවට එය සාර්ථකව මර්ධනය කිරීමට හැකිවූ බව සිහිපත් කළ තානාපතිතුමා ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයටත් ඒ සදහා නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ  ප්‍රසංසාව පළ කර සිටියේය.

     

    කොවිඩ් වෛරස ප්‍රතිකාර හා මර්ධනය සදහා රුසියාව විසින් නිපදවනු ලැබූ නව එන්නත පිළිබදව ද තානාපතිතුමා විසින් අමාත්‍යවරිය දැනුවත් කළ අතර එම එන්නත පිළිබදව ලෝක සෞඛ්‍ය  සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු ශ්‍රී ලංකවේ කොවිඩ් මර්ධනය හා ප්‍රතිකාර කටයුතු සදහා එම ඒන්නත භාවිතා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  මහත්මිය රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා හට අවධාරනය කළාය.

     

    ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සදහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකළ බැවින් ඒ් සදහා ශ්‍රි ලංකා රජයේ විශේෂ ස්තූතිය පුද කර සිටින බව මෙහිදී  අමාත්‍යතුමීය සදහන් කළාය. මේ පිලිබදව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සදහන් කළේ,  දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක්  ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මන්ඩල වලට වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

     

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ලේකම් Rostislav LENCHUK මහතාද මෙම අවස්ථාවට ඒක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya