මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩු පක්ෂය නියෝජ්‍ය සහ සහකාර සංවිධායකවරු 05දෙනෙක් පත් කරති

    අගෝස්තු 22, 2020

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ.


    මෙයට අමතරව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතා සහ ගරු අසංක නවරත්න මහතා පත් කර
    තිබේ. මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍යගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ වැඩ භාර ගනු ලැබීය.
    අනතුරුව ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසාම්මිල් සහ අසංක නවරත්න යන මහත්වරු සිය තනතුරු වල වැඩ භාර ගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya