මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රටේ ජනතාව ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා සමාජ සම්මුතියක් ලබා දී තිබෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

    අගෝස්තු 21, 2020

    මේ රටේ ජනතාව ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා සමාජ සම්මුතියක් ලබා දී තිබෙන බවත් නව සමාජ සම්මුතියක් රට තුළ නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර මහමැතිවරණයේදී ද ජනතාව සාකල්‍යමය වෙනසක් සඳහා අවස්ථාව ලබා දී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    විශ්ව විද්‍යාල මහාචාර්වරයෙකු ලෙස සහ පරිපාලන සේවයේ වසර 10ක් සිටි තමාට වියත් මග සංවිධානය ඔස්සේ මෙරට ඉදිරිගාමී දේශපාලනයට මැදිහත්වීමේ අවස්ථාව හිමි වූ බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තම පළමු කතාව සිදු කිරිමට ලැබීම පිළිබඳවද තමා සතුටු වන බවද චරිත හේරත් මහතා කීය.

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම නව ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කල බවද අග සිට මුලට එන ප්‍රතිපත්තියක් හරහා සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය යන පැති දෙක පිළිබඳව මෙම ප්‍රතිපත්ති මාලාව ඔස්සේ පැහැදිළි කෙරෙන බවද ඒ මහතා කීය.

    19 නිසා හිරවූ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව ඉදිරියට ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya