මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තිය සාක්ෂත් කරගැනීමේ වැඩපිළිවෙලක්- විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    අගෝස්තු 21, 2020

    මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍යම කරුණක් බවත් දක්ෂ , අදක්ෂ , ජාතික , පළාත්,සිංහල, දෙමළ යනුවෙන් දරුවන් බෙදීම සුදුසු නොවන බවත් මෙම අසම්මත  ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවසන් කර ඇති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීය.

    රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද(21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    එමෙන්ම පසුගිය දා මුළු දිවයිනටම සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා සමාව ඉල්ලන බවත් පැට 8ක පමණ කාලයක් සිදු වූ මෙම විදුලි බිඳ
    වැටීම ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඉදිරි වසර 5තුළ ඩීසල් මත යැපෙන්නේ නැති, පුනර්ජනනීය බලශක්ති ක්‍රම මගින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙළක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබෙන බවත් එමගින් ඩීසල්
    සඳහා නාස්ති වන විශාල මුදල ඉතිරිකරගත හැකි බවද අමාත්‍යවරයා කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya