මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැහැදිළි වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා- සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    අගෝස්තු 21, 2020

    මුළු ලෝකයම මුහුණ දුන් දරුණු කෝවිඩ් ව්‍යසනය ඉතා සාර්ථක ලෙස පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයට හැකි වූ බවත් දියුණු රටවල් පවා වසංගතය හමුවේ අසරණ වූ  විටක අපි එය ජයගත් බවත් එම වසංගතය හමුවේ අපේ රට ක්‍රියා කළ ආකාරය විදෙස් රටවල පවා ප්‍රශංසාවට ලක් වූ බවත් සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

    කොවිඩ් අර්බුදය හමුවේ දේශීය ආර්ථිකය පිළිබඳව විශ්වාසයක් ඇති කරවමින් නව ආර්ථිකයක් කරා රට යොමු කරවීමට ජනාධිපතිවරයාට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    කෘතිම රසායන පොහොර භාවිතය ,කටුපොල්වගාව වැනි හානිකර වගාවන් පිළිබඳව ඇති වී තිබෙන මහජන මතයට සවන් දෙමින් එවැනි හානිකර වගාවන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීම රටට මහපොළවට ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් බව අමාත්‍යවරයා කීය.

     

    නිපුණතා සංවර්ධනය වැනි ජාතික වැඩපිළිවෙළවල් ඉදිරියේදී ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනතාවාදී මෙම ගමනට සහයෝගය දක්වන බවත් ජනාධිපතිතුමා පැහැදිළි වැඩපිළිවෙලක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද ද සභානායකවරයා කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya