මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදෑසන වනවිට ත්‍රිකුණාමලයේ ඡන්ද ප්‍රකාශවීම සියයට 30%ක්

    අගෝස්තු 05, 2020

    උදෑසන 10 වන විට 30%ක වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇත්තේ ත්‍රිකුණාමලයෙන් බව වාර්තා සඳහන් කරයි.

    අද උදෑසන 10 වන විට දිස්ත්‍රික් කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් වාර්තා වූ අතර වැඩිම ප්‍රතිශතයක් වශයෙන් 30%ක ප්‍රමාණයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඡන්දය භාවිතා කර තිබේ.

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසූවේ 20%ක ප්‍රතිශතයක් ගාල්ලේ ඡන්දය භාවිතා කළ බවට උදෑසන 10 වන විට වාර්තා වුණු බවයි.
    දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ දත්ත අනූව කොළඹ 20%, මාතලේ 25%, දිගාමඩුල්ල 6%, රත්නපුර 23%, කෑගල්ල 23%, කුරුණෑගල 25%, මහනුවර 25%, කලුතර 20%, නුවරඑළිය 25%, යාපනය 20%,මඩකලපුව 17% වශයෙන් උදෑසන 10 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් වාර්තා විය. සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මෙවර උනන්දුවෙන් ඡන්දය භාවිතා කර ඇති බවක් දක්නට ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya