මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණයට දිවයිනපුරා නිරීක්ෂකයන්

    අගෝස්තු 05, 2020

     මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණයට දිවයිනපුරා නිරීක්ෂකයන්

    කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයින් 2200 ක්

    2020 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ජංගම නිරීක්ෂකයින් 2200 ක් දිවයින පුරා යොදවා ඇති බව කැෆේ සංවිධානය කියයි.

    එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 26ම ආවරනය වන පරිදි මෙම නිරීක්ෂකයින් යොදවන බවයි. මේ සඳහා රථවාහන 80ක් පමණ යොදාගැනීමට සැලසුම් කර
    තිබේ. නාමයෝජනා යෝජනා භාරගත් දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 1635ක් වාර්තා වී ඇත.

     

     

    මෙවර මැතිවරණයට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් නිරීක්ෂකයන් 2000ක්

    මෙවර මැතිවරණය සදහා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් නිරීක්ෂකයන් 2000ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ ජාතික සංවිධායක රසංග හරිස්චන්ද්‍ර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඔහුගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේය.

    එම නිරීක්ෂකයින් අතරින් බහුතරය වෘත්තීයවේදීන් වන අතර ඔවුන් ස්වේච්චාවෙන් සේවයට ඉදිරිපත් වූ අයයි. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් ජංගම රථ 50ක්ද යෙදවීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය. එමෙන්ම මෙවර මැතිවරණය වඩාත් සාමකාමීව සිදුකල හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවද ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිතා කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

    පසුගිය මැතිවරණය සමග සසදා බැලීමේදී මෙවර මහමැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වල අඩුවක් පෙන්නුම් කරනවා  - මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය.

    පසුගිය මැතිවරණය සමග සසදා බැලීමේදී මෙවර මහමැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වල අඩුවක් පෙන්නුම් කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවසුවේය.

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වල සාපේක්ෂව ගත් කළ ඉතාමත් ක්‍රමික අඩුවීමක් පවතින බවත්, මෙවර ලේ ගලා හැලීම්, රෝහල්ගත වීම්, පොලිස් අත්අඩංග්‍රවට පත්වීම් අවම මට්ටමක පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙවර මැතිවරණයේදී රටේ ජනපති, අගමැති සහ විපක්ෂනායක යන තිදෙනා විසින්ම පොලීසියට කිසිදු ආකාරයක බලපෑම් සිදුකල බවක් නොදකින බවත්, එමෙන්ම කිසිදු අවස්ථාවකදී මැතිවරණ කොමිසන් සභාවට හෝ රාජ්‍ය නිලධාරීන් හටද බලපෑම් සිදුකර නොමැති බවත් අවධාරණය කළේය. මෙවර පැවැත්වෙන්නේ එවැනි බලපෑම් වලින් තොරවූ මැතිවරණයක් බවද, එමනිසා මෙය ඉතාමත් කදිම ආදර්ශයක් බවද මංජුල ගජනායක මහතා වැඩිදුරටත් පැවසුවේය. එමෙන්ම බලපෑම් රහිතව නිලධාරීන්ට මැතිවරණයක් පැවැත්වීම සදහා අවස්ථාවක් ලබාදීමම විජයග්‍රහණයක් වශයෙන් අප සැලකිය යුතු බවද ඔහු කියා සිටියේය.

     

    පැෆරල් නිරීක්ෂකයින් 5000ක්

    මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා 5000 ට ආසන්න පිරිසක් යෙදවීමට සියලු කටයුතු කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

    පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය

    ඡන්ද දින ඡන්ද මධ්‍යස්ථානය ඇතුලත නිරීක්ෂකයින් 3140ක් යෙදවීම සදහා අවශ්‍ය පුහුණුකිරීම් අවසන් කර එම පිරිස මේ වන විට සූදානම්ව ඇති බවද, ජංගම නිරීක්ෂණ රථ 260ක් දිස්ත්‍රික්ක මට්ටමෙන් සැලසුම් කර ඇති බවද පැවසුවේය.

    නිරීක්ෂකයින් 1096ක් මෙම ජංගම නිරීක්ෂණ රථ තුළ නිරීක්ෂණ කටයුතු වල යෙදීමට සූදානම්ව සිටින අතර, පැය 24 පුරාම ක්‍රියාත්මක පැමිණිලි ඒකකයක්, ක්ෂණික ඇමතුම් සදහා දුරකතන අංක 02ක් මෙම දින කිහිපය සදහා හදුන්වාදී ඇත. 0702274501 සහ 0702264502 යන මෙම දුරකතන අංක දෙක පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ඒ ඔස්සේ පැය 24 තුළම ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව සෑම පළාතකටම එක දුරකතන අංකය බැගින් වෙන්කර ඇති බවද රෝහණ මහතා පැවසුවේය. මෙම ඕනෑම අංකයක් වෙත පැමිණිලි සිය සංවිධානයට යොමු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදුවූ බවට සිද්ධීන් 944ක් සම්බන්ධව නිශ්චිත තොරතුරු ලැබී ඇති බවද, මෙම සිද්ධි 944 සිය
    සංවිධානය විසින් මැතිවරණ කොමිසන් සභාවට යොමු කළ අතර, ඉන් 140කට අදාල ක්‍රියාමාර්ග ගත් බවට පැෆරල් සංවිධානයට වාර්තා වුණු බවද
    රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya