මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශයන්හි සිට පැමිණෙන ඡන්ද දායකයන් ඡන්දය දැමීමට ඡන්දපොළට පැමිණෙන විට විදෙස් ගමන් බලපත්‍රය ගෙන ආ යුතුයි- මැතිවරණ කොමිෂන් සභාව

    ජූලි 28, 2020

    විදේශයන්හි සිට පැමිණෙන ඡන්ද දායකයන් ඡන්දය දැමීම සඳහා ඡන්දපොළට පැමිණෙන විට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන වලංගු අනන්‍යතා ලේඛණයකට අමතරව විදෙස් ගමන් බලපත්‍රයද ගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නිල අත්සනින් යුක්තව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව දන්වා ඇත.

    මැතිවරණයේදී හොර ඡන්ද දැමීම වළක්වා ගැනීම පිණිස මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත. එමෙන්ම මැතිවරණයේදී ඡන්ද සළකුණු කරන ස්ථානයේ රැඳී සිටින මැතිවරණ රාජකාරි කරන නිලධාරීන්ට පහසුවීම පිණිස විදෙස්ගතව සිටින ඡන්ද දායකයන්ගේ නම් ඉදිරියේ විශේෂ සටහනක් දමා ඇත.

    විදෙස් ගතව සිට පැමිණි යම් ඡන්ද දායකයකුට තම අනන්‍යතා සහතිකවලට අමතරව වලංගු විදේශ ගමන් බලපත්‍රය ගෙන ඒමට නොහැකි වුවහොත් වෙනත් අනන්‍යතා බලපත්‍රයක් ඉදිරිපත් කර ඊට අමතරව සිය අනන්‍යතාවයට අදාළව මැතිවරණ පනතේ ඇති අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක්ද ඉදිරිපත් කිරීම අනිවාර්යය කර ඇත. එවැනි ප්‍රකාශයක් නිකුත් නොකරන ඡන්ද දායකයකුට ඡන්දපොළේදී වලංගු ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු නොලැබෙන බව මැතිවරණ කොමිසම වැඩිදුරට දන්වා සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya