මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පනවා ඇති සංචරණ සීමාවන් අදියරෙන් අදියර ඉවත් කෙරේ

    ජූලි 28, 2020

     

    රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පනවා ඇති සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීම

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව, පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ.

    2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

    කලුන්දෑගම
    සිරිමාපුර
    යාය 01 (පොළ පිටුපස කොටස හැර)
    යාය 02
    2020 ජුලි 31 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

    යාය 01 (පොළ පිටුපස කොටස)
    යාය 03
    යාය 04
    යාය 05
    යාය 06 / අංගමුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya