මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ජුනි මස 14

    ජූනි 13, 2020

    සුරක්ෂිත රුධිර සැපයුමක් පවත්වා ගැනීමට ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කරන දේශයේ නිහඩ විරුවන් වෙත ජාතියේ ප්‍රණාමය පුද කරනු වස් මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ජුනි මස 14 දින පෙ.ව 10.00 ට නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 14 වැනි දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මිනිස් රුධිර සංසරණ පද්ධතියේ, ABO ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගය හිමි වූ ඔස්ට්‍රිරියානු විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර් ගේ උපන් දිනය වන ජුනි 14 දින ලොව පුරා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර ලෝක රුධිර පරිත්‍යාගශිලින්ගේ දිනය සැමරිම සදහා ප්‍රකාශිත තේමා පාඨය වන්නේ “සුරක්ෂිත රුධිරය ජීවිත සුරකී” යන්නයි.

     

    ස්වේඡාවෙන් තම රුධිර පරිත්‍යාග කරන රුධිර පරිත්‍යාගශීලීන් හට කෘතවේදීත්වය දැක්වීම, රුධිරය හා රුධිර සංඝටකවල සුරක්ෂිතභාවය, ගුණාත්මකභාවය සහ රුධිර අවශ්‍යතාවය පිළිබද ජනතාව දැනුවත් කිරීම, සුරක්ෂිත රුධිරය පරිත්‍යාග කිරිම සදහා සමාජ අවබෝධය ඇති කිරීම මෙම සැමරුමේ අරමුණ වේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya