මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාවට සහ රටේ සංවර්ධනයට පක්ෂ පාට භේද නෑ - නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

    ජූනි 12, 2020

    රටේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධන ක්‍රියාදාමයේදී රජය ගන්නා තීන්දු තීරණ ජාතියක් ඉලක්ක කර ගනිමින් හෝ දේශපාලන පක්ෂයක් ඉලක්ක කර ගනිමින් සිදුනොකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාගේම සහයෝගය ඒ සඳහා ලැබිය යුතු බවද ආණ්ඩුකාරවරිය කීවාය.

    මඩකලපුව නගර සභා බල ප්‍රදේශයේ නාගරිකකාණු පද්ධතිය පිළිසකර කිරීමේ විශේෂ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අනුරාධා යහම්පත් මහත්මිය මේ බව කියා සිටියාය.

    මඩකලපුව නගර සභා බල ප්‍රදේශයේ කාණු පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන් ගොඩ වීම හේතුවෙන් ජලය බැසයාමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. එම නිසා ඉදිරියේදී වර්ෂාපතනයට මුහුණ දීම සඳහා මෙම කානු පද්ධතිය සම්පූර්ණයෙන් පිළිසකර කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් මඩකලපුව නගරය ජලයෙන් යටවීමට ඉඩ ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවීමද සීඝ්‍රයෙන් ඉහළ යා හැකිය. එම අවදානම් තත්වයට මුහුණ දීම සඳහා නාගරික කානු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට ආණ්ඩුකාරවරිය අදාළ බලධාරීන්ට නියෝග කර තිබුණි.

    ඒ අනුව, එහි සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කෙරිණි. මේ සඳහා සේරුවිල සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් දෙසීයක් පමණ සහභාගි වීම ද විශේෂත්වයකි.

     එහිදී මාධ්‍ය අමතමින් ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

    “කෝවිඩ් වසංගතය රජය ඉතා සාර්ථකව මැඩපැවැත්වුවා සේම ඩෙංගු උවදුර ද සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මුළු රටේම ඩෙංගු අවදානම තුරන් කිරීමේ ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් තිබේ. ඒ සඳහා අපි සියලු දෙනාගේ සහාය ලබාදිය යුතුයි. සංවර්ධන වැඩකටයුතු සහ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී එම කිසිදු තීන්දුවක් පක්ෂ පාට භේද හෝ දේශපාලන පක්ෂ පදනම් කරගනිමින් සිදු කළ යුතු නැහැ. අපේ රජයේ වැඩ පිළිවෙල සාර්ථක වෙන්න බලපාන ප්‍රධාන කාරණාව තමයි ඒක. පලාතක් විදියට අපි ඩෙංගු උවදුර මැඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා තමයි අපි මේ කාණු පද්ධතිය පිළිසකර කරන්නේ. මේ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය අපිට ලැබිලා තියෙනවා. එය මේ වෙලාවේ අගය කළ යුතුයි.” යයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

     

    මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර, සේරුවිල සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කර්නල් සරත් ගුණසේකර, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya