මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රටපුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ..

    ජූනි 12, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රට පුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ( 10) සිට ආරම්භ කර ඇත. එහි ආරම්භක පියවර වශයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමයේ පිහිටි නිල නිවස හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීම හා දුමායනය කිරීම කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදුකෙරිණි.


    මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය කොළඹ නගරයෙන් ඇරඹුණ අතර මදුරු මර්දන කණ්ඩායම් 62ක් මඟින් මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා පිරිසිදු කිරීමත් මදුරු ගහනය වැඩි ස්ථාන දුමායනය කිරීමත්  සිදුකෙරිණි.


    මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා මෙසේ පැවසීය.
    ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතිනවා. අපිට අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී තිබෙනවා කොළඹ නගරය තුළ මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක වලත් ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ගෙන යාමට.

     සම්පූර්ණයෙන්ම කොළඹ නගරය තුළ තිබෙන පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අපි ආරම්භ කළා. අපගේ මුඛ්‍ය පරමාර්තය තමයි මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂාවට ලක් කරලා මදුරු ගහණය අවම කිරීම සඳහා කටයුතු කිරීම. මේ තුළින් අපට පුළුවන් ඩෙංගු රෝගය මර්දනය කරන්නට. කණ්ඩායම් 60කට ආසන්න පිරිසක් අද දිනයේ කොළඹ නගරය පුරා මෙම වැඩපිළිවෙල වෙනුවෙන් යොදවා තිබෙනවා.

    අහඹු ලෙස තෝරාගත් පාසල්වල අපි ඩෙංගු කීට විද්‍යා සමීක්ෂණය සිදු කරනු ලැබුවා. මෙහිදී අපි දැක්ක දෙයක් තමයි පාසල් 80%ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ බෝ විය හැකි ස්ථාන තිබෙන බව. ඒ නිසා මේ පාසල් පටන් ගැනීමට පෙර දෙමාපියන් සහ ගුරුවරුන් සහභාගි කරවගෙන එම ස්ථාන පිරිසිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

    මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya