මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ඉදිකිරීම් කර්මාන්තය යථාතත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක්...

    ජූනි 12, 2020

    ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට ආර්ථිකය ගොඩනැඟීම ඉහළ මට්ටමක.... දේශීය ඉදිකිරීම් කර්මාන්තය යථාතත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක්...


    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට අර්ථිකය ගොඩනැඟීම ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වී ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහණදී ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීම සඳහා ( 11) පස්වරුවේ චේම්බර් ඔෆ් කන්ස්ට්‍රක්ෂන්ස් ඉඩස්ට්‍රීස් සංවිධානය සමඟ පැවැති සාකච්ඡාවක දී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    රජයේ අරමුදල්වලින් ආරම්භ කෙරෙන ව්‍යාපෘති දේශීය ඉදිකිරීම් සමාගම් මඟින් සිදුකිරීම තුළින් එම සමාගම් දිරිගැන්වීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර, විදේශීය ආයෝජන මත විදේශීය ඉදිකිරීම් සමාගම්වලට ලබාදෙන ව්‍යාපෘතිවලින් වැඩි කොටසක් දේශීය සමාගම්වලට ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට බරක් නොවන ආකාරයට නව ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව චේම්බර් ඔෆ් කන්ස්ට්‍රක්ෂන්ස් ඉඩස්ට්‍රීස් සංවිධානය නව යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජය පාර්ශ්වයෙන් ලබා දිය හැකි උපරිම සහය ලබා දෙන බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. ඊට අමතරව පසුගිය මාස කිහිපය තුළ අකර්මණ්‍ය වී ඇති දේශීය ඉදිකිරීම් සමාගම් සඳහා ලබා දිය හැකි සහන යටතේ බැංකු ණය සහන සහ කල් බදු සහන සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රජයේ වැඩපිළිවෙල මත මෙරට ආර්ථිකය ගොඩනැඟීම ඉහළ මට්ටමක පවතින බවට ජාත්‍යන්තරයේ ඇතිව තිබෙන විශ්වාසය අනුව අපේක්ෂා කළ කාලයටත් වඩා ඉක්මනින් ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය නැවත යථාතත්ත්වයට පත්වන බව පෙනී යන බවයි.

    ඒ අනුව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ද ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් ඒ සඳහා දේශීය සමාගම්වලට ලබාදිය හැකි උපරිම සහය ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya