මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාරගත රැදවියන්ගේ ඇප අයදුම්පත් සලකා බැලීම හා රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා වීඩියෝ සාකච්ඡා පද්ධතියක්

    ජූනි 11, 2020

    බන්ධනාගාරගත රැදවියන්ගේ ඇප අයදුම්පත් සලකා බැලීම හා රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා වීඩියෝ සාකච්ඡා පද්ධති භාවිතා කිරීම සඳහා වන වැඩසටහනට කැබ්නට් අනුමැතිය ලැබී ති⁣බේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ය.

    ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම මෙයට දායකත්වය දක්වයි.

    අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, බන්ධනාගාර 23ක රැදවියන් මේ වන විට 15,000 සිටින බවත්, දිනකට රැදවියන් 5400 ක් සදහා අධිකරණය සදහා රුගෙන යායුතු බවත් ඒ සදහා දිනකට ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් මිලියන 441ක් වැය වන බවත් ය.

     එසේම,මෙම රැදවියන් රැගෙන යන විට මඟ රැක සිට පහර දීම් හේතුවෙන් මීට පෙර මරණ පවා සිදු වන තිබෙන බවත් මෙය සලකා බලා රැදවියන්ගේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව පිණිස මෙම වැඩපිළිවෙල යෝජනා කර ඇත්තේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බව කීය.

    මෙම වැඩසටහනේ පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23ක සහ බන්ධනාගාර 04ක ස්ථාන 12ක යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya