මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ දුරස්ථභාවය පනවා ඇති මොහොතක අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවීම ගැන කණගාටු වෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූනි 11, 2020

    අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රජයක් වශයෙන් කණගාටු වන බවත් කොරෝනා වසංගතය පාලනය කර ඇති මො⁣හොතක ඇති වූ සිද්ධිය ට ප්‍රතික්‍රියාවක් මිස මර්දනය කිරීමේ අරමුණින් පොලිසිය ක්‍රියා නොකළ බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකවෙමින් මේ බව සදහන් කල අමාත්‍යවරයා, මෙම රජය බලයට පත්වීමට පෙර උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගේට්ටුවක් හෝ ඇරියේ නැති බවත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම මිස කිසිදු සාකච්ඡාවකට එකග වූයේ නැති බවද පෙන්වා දුන්නේ ය.

    කොරෝනා වෙරසය ඇති වීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පනවා ඇති මෙවන් මොහොතක සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය සාධකයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කර ඇති මොහොතක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම සඳහා කිසිදු ඉඩ ප්‍රස්ථාවක් සළසා නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

    අපත් ඇතුළුව මුළු ලෝකයම ඇමරිකානු කළු ජාතික පුද්ගලයා මරා දැමීමේ ක්‍රියාව හෙළා දකිනවා . නමුත් මෙම අවස්ථාවේ ඒම උද්ඝෝෂණය පැවැත්වීම සම්බන්ධෙයන් පොලිසිය තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් දිගින් දිගටම රැඳී සිටිමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එහෙත් නිරෝධායන නීති රීති යටෙත් එවැනි තත්වයක් තුළ වෙනයම් ක්‍රියාමාර්ගයක් ඔස්සේ උද්ඝෝෂකයින් විසුරුවා හරින ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා උපෙදස් දුන් බවත් බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය .

    උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරින් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් උද්ඝෝෂණයේ නිරත වූවන්ට එදිනම ඇප ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya