මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පී. සී. ආර්. පරීක්ෂණ 10,000ක් සිදු කරයි

    ජූනි 11, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් කොවිඩ් 19 සඳහා වන පී සී ආර් පරීක්ෂණ 10000ක් මේ වනවිට සිදු කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය සහ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    නාවික සෙබලුන් 3000ක්, කොළඹ නගර සභාවේ පරික්ෂණ 4000ක් හා සෞඛ්‍ය අංශය විසින් ලබාදුන් පරික්ෂණ 3000ක් මෙ වන විට සිදුකර තිබේ. ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ විශ්ව විද්‍යාලයක් ලෙසට කැබිනට් අනුමැතිය ලැබි තිබේ. පසුගිය දා පර්යේෂණ කිරිමට රුපියල් මිලියන 400 ක මුදලක් එම විශ්ව විද්‍යාලයේ තාකෂණ පිඨයට ලැබිණි.

     

    එසේම මින් ඉදිරියට බෝවන හා බෝ නොවන රෝග සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට මෙම විශ්වවිද්‍යාලය යොදා ගැනීමට ද අනමැතිය ලැබී ඇතැයි ද අමාත්‍යවරයා කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya