මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර වැඩි මිලට විකුණන නුවරඑළියේ වෙළදුන් සොයා වැටලීම්

    ජූනි 11, 2020

    රජයේ පාලන මිලට වඩා වැඩි මිලකට පොහොර විකුණු නුවරඑළියේ වෙළඳසැලක් වැටලීමට නුවරඑළිය පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ විමර්ශන නිලධාරි ජේ.එම්. ආර්. කරුණාරත්න මහතා සඳහන් කළේ, එම වෙළඳ සැළට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමින් සිටින බවය. .

    රුපියල් 1150 කට මිල නියම කර තිබු මිශ්‍ර පොහොර මිටියක් රුපියල් 1400 ක මුදලකට අලේවි කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකළ බව ජේ.එම්. ආර්. කරුණාරත්න මහතා පැවසීය.

    පොහොර වැඩි මිලට විකිණීම සම්බන්ධව පැමිණිලි ලැබීමත් සමඟ දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කය පුරා වැටලීම තම කාර්යාලය මගින් ආරම්භ කර ඇති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩි මිලට පොහොර අළෙවි කරන වෙළදුන් නිතීයේ රැහැනට හසුකර ගැනීම සඳහා අවශ්‍ය සැම කටයුත්තක්ම සිදුකරන බව ජේ.එම්. ආර්. කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya