මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්‍රස්ථා-විදුහල්පතිවරුන්ගෙන් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක්

    ජූනි 09, 2020

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

     ඒ අනුව, 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලට ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ඉහත වර්ෂයන්හි උසස් පෙළ සමත් සිසුන් වෙත 2020 ජුනි මස 9,10,11,12,15,16 යන දිනයන්හි පාසල් වේලාව තුළ අයදුම්පත් සහතික කරදීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා විසින් විදුහල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

     

    රට තුළ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ විදුහල්පතිවරුන් මගින් අයදුම්පත් සහතික කරවාගැනීමට බොහෝ සිසුන් අපොහොසත් වී ඇති බැවින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සිදුකර ඇති ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya