මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතියෙන් කිසිදු මහජන මුදලක් අපතේ ගොස් නෑ- ව්‍යාපෘතිය සාර්ථකයි

    ජූනි 01, 2020

    ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මගින් කිසිදු මහජන මුදලක් අපතේ නොගිය බවත්,සමාජ මාධ්‍ය මඟින් සිදු කෙරෙන ප්‍රකාශන ප්‍රතික්ෂේප කරන බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනුතවේදි පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අධ්‍යක්ෂ ජනරාල් වරයා, කෘත්‍රිම වැලි ව්‍යාපෘතිය සඳහා වෙරළ තීරණයන් ත්‍රිත්වයක් අයත් අයත් බවයි. එනම් කළුතර කරළිඩෝ වෙරළ තිරය,රත්මලාන අඟුලාන වෙරළ තිරණ හා ගස්කිස්ස වෙරළ තීරයයි.මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 890ක් වැය වු බවත්, ගල්කිස්ස මුහුදු තීරණයේ ව්‍යාපෘතිය සඳහා මෙම මුළු මුදල වන රඅපියල් මිලියන 890ක් වැය නොවු බවත් ඒ සඳහා වැය වි ඇත්තේ, වැය රුපියල් මිලියන 110ක් පමණක් බවත් කීය.

    මේ හේතුවෙන් 2019 මැයි මස 08 වෙනි දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව 2020 ජනවාරි මස 18 වෙනිදා ප්‍රසම්පදාන අවසන් කොට මෙය විනිවිදභාවයකින් යුක්තව විදේශ තානාපති කාර්යාල හරහා ප්‍රසිද්ධ පුවත්පත් දැන්විම් මඟින් මෙම ව්‍යාපෘතිය විදේශ සමාගමකට භාර දුන් බව ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසීය

    ඛාදනයට ලක් ව ඇති ගල්කිස්ස වෙරළ තීරයේ යාන්ත්‍රික වැලි පෝෂණය ක්‍රමය මගින් නිර්මාණ කර ඇති අතර එය මිටර් 2ක ප්‍රමාණයක වෙරළ තිරයක් නිර්මාණය කිරිම තම දෙපාර්තමේන්තුවේ අරමුණ වු බව අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා කිය. මෙම ගල්කිස්ස වෙරළ සඳහා වැලි මිටර් කියුබ් 1.50,000 වැය වු බවද කීය. එසේම තම දෙපාර්තමේන්තුව වෙරළ සංරක්ෂණය කිරිම සඳහා වන ආයතනත් බවත් වෙරළ තීරය රැක ගැනීම තම ආයතනයේ අරමුණ බවත් කීය.

    මෙම ගල්කිස්ස ව්‍යාපෘතිය නිම කළේ අප්‍රේල් මස 22 දින බවත්, කොරෝනා වසංගතය කාලයේ දිත් මෙය ක්‍රියාත්මක කරන බවටද චෝදනා එල්ල වු බවත්,එසේ කිරිමට සිදු වුයේ, මෙම ව්‍යාපෘතිය ලබා දුන් විදේශීය සමාගමට ලබා දි තිබුණේ මාස 03 ක කාලයක් අපේ දැනුම් දිමටකින් එය ව්‍යාපාතිය නැවැත් වුවහොත් එය විදේශීය සමාගමට පැයකට ලක්ෂ 2 බැගින් ගෙවීමට සිදු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya