මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගන්න - ජාතික අක්ෂි රෝහල

    මැයි 29, 2020

    ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම ‌හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හා රෝගී සත්කාරක සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා හදිසි අනතුරු සහ සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පමණක් අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල කොවිඩ් 19 වසංගත මුල් අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලදී.

     

    ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමත් සමඟ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථතාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරමින් නැවතත් ආරම්භ කිරීම කරන ලදී. ඒ සඳහා ජාතික අක්ෂි රෝහලේ සායනය , සායනික ප්‍රතිකාර සේවා සිදු කරන විශේෂඥ වෛද්‍යවරයා සහ ඔහුට හිමි දුරකථන අංකයක් ද ජනතාවට ලබා දීමට රෝහල කටයුතු කර තිබුණි.

     

    නමුත් ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ සායනික ප්‍රතිකාර සඳහා දුරකථනයෙන් දිනයක්, වේලාවක් වෙන් කර නොගෙන විශාල ජනතාවක් සායනික ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පටන්ගෙන ඇත. මේ නිසා රෝගී ජනතාවට නොයෙක් අපහසුතාවයන්ට මුහුන දීමට සිදුව ඇත. එම නිසා අපහසුතාවයකින් තොරව සායනික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණෙන විට පහත සඳහන් සායනික දුරකථන අංක වලට කතා කර ඔබට ලබා දෙන දිනයට හා වේලාවට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    කාමර අංක 01

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය) - 011 7 682 741

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය ) - 011 7 682 554

     

    කාමර අංක 02

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය) - 011 7 682 558

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය) - 011 7 898 301

     

    කාමර අංක 03

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය) - 011 7 682 391

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා) - 011 7 682 549

     

    කාමර අංක 14

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා ) - 011 7 682 534

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා) - 011 7 682 564

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා) - 011 7 682 657

     

    රෙටිනල් සායනය

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ) - 011 7 898 344

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා) - 011 7 682 650

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා) - 011 7 682 094

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya