මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ විවෘත කිරීමට සූදානම්

    මැයි 29, 2020

    දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආසන්න ඉඩමක දැනට ඉදි කිරීම් කටයුතු අවසන් වෙමින් තිබෙන එම දුම්රිය කෞතුකාගාරය පසුගියදා අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

    මහජන බැංකුව විසින් දැනට රුපියල් මිලියන 149ක් මෙම කෞතුකාගාරය ඉදි කිරීම සඳහා වැය කර තිබෙන අතර නාවික හමුදාවේ රණවිරුවන් විසින් සියලු ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.

    දුම්රියට හිතවත් විදේශ සංචාරකයින් Railway Friend Tourists වාර්ෂිකව 12000ක් පමණ අප රටට පැමිණෙන බව වාර්තා වේ. ඔවුන් දුම්රියෙන් ආකර්ශනිය ස්ථාන කරා ගමන් කිරීම මෙන්ම දුම්රිය ඉතිහාසය අධ්‍යයයනය ද කරති. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ පරිනාමය පිලිබඳව හදාරණ පිරිස් සඳහා අද්‍යයනය කළ හැකි පරිදි මෙම කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු කරනු ලබයි. එමෙන්ම අප රටේ දේශීය සංචාරකයින්ට හා පාසැල් දරුවන් ට ද මෙම දුම්රිය කෞතුකාගාරය අධ්‍යාපනික වැදගත්කමකින් යුක්ත වේ.

    ජාතික දුම්රිය කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.  එමෙන්ම දැනට කඩුගන්නාවේ එක් ප්‍රදේශයක ඉදි කර තිබෙන දුම්රිය කෞතුකාගාරයේ අඩංගු වන අංශ ද මෙම කෞතුකාගාරයට ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

    මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ අවසන් කාර්තුව වනවිට විවෘත කිරීමට හැකියාව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya