මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා පාලනයට පියවර රැසක් ගනිමින් සහන දීමනා දෙවන අදියර ඇරඹේ

    මැයි 14, 2020

    කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය ජනතාවගෙන් ඉල්ලයි.

     

    COVID -19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද දින (14) පෙරවරුවේ 07 වැනි වරටත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වීය.

     

    එම COVID -19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී අනාවරණය වූ කරුණු අනුව මේ වනවිට කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය බලධාරින් සහ වසංගත රෝග විද්‍යා අංශය විසින් අනාවරණය කරන ලදි. මේ සදහා වෛරසය ආරම්භයේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත මුල සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍යාරක්ෂිත විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ගන්නා ලද ක්‍රියාමර්ග වල සාර්ථකත්වය හේතු සාධක වූ බව සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධාරණය කරන ලදි. ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිරයාම පාලනය කිරීමට දමා ඇති නීති රීති වලට ජනතාව අනුගතවනවාද නැද්ද යන්න පිළිබදව ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධානය යොමු විය යුතු බවත්, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩ කරන පුද්ගලයින් හට නීතිමය වශයෙන් දැඩි පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව ද සදහන් කරන ලදි. එමෙන්ම ජනතාවට ලබාදී ඇති COVID -19 පාලන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුගතව ඉදිරිටත් කටයුතු කරන ලෙසටත්, මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශණයක් ද හදුන්වා දී ඇති අතර ඒ අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් අමාත්‍යවරිය ඉල්ලා සිටී. එමෙන්ම වර්ෂා ආරම්භයත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියක් සිදු විය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කර මර්ධන වැඩසටහන් දියත් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන එ්කකයේ නිලධාරීන්ට අමාත්‍යතුමීය උපදෙස් ලබාදෙන ලදි.

     

    මේ අතර කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ සහන දීමනා ලබාදීමේ දෙවන අදියර වැඩපිළිවෙල පිළිබද සමාලෝචන සාකච්ඡාවක් ද ඊයේ දින පස්වරුවේ (13) කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහිදී වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා ගෙවීම දිවයින පුරා සියයට 70 ක ප්‍රගතියක් ලබාගෙන තිබෙන බව ද අනාවරණය විය. එමෙන්ම සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සහන දීමනා දෙවන අදියර ලබන 18 දින සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කරන ලෙස අමාත්‍යතුමිය සමෘද්ධි අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි. පළමු අදියරේ සිදු වූ අතපසුවීම් කිසිවක් දෙවන අදියරේ දි සිදු නොවීමට වගබලා ගන්නා ලෙස ද නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

     

    මෙම සාකච්ඡා අවස්ථාවන් සදහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුඉන්න මහතා, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya