මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID-19 වසංගතය හේතු කොට ගෙන පුද්ගලික අංශයේ කිසිඳු සේවකයෙකුගේ රැකියාව අහිමි නොකිරීමට එකඟතාවයක්

    මැයි 14, 2020

    COVID-19 වසංගතය හේතු කොට ගෙන පුද්ගලික අංශයේ කිසිඳු සේවකයෙකුගේ රැකියාව අහිමි නොකළ යුතු බවටත්, පුද්ගලික අංශයේ කර්මාන්ත නැවත නඟා සිටුවන තෙක් පෞද්ගලික අංශයේ සේවකයින්ට මසකට වැටුපෙන් 50% ක් හෝ අවම වශයෙන් රුපියල් 14,500 ක මුදලක් ගෙවීම සඳහා පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්,ව්‍යාපර හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟතාවයක් ඇති කර ගත් බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    මහා පරිමාණ, සුළුපරිමාණ, මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවයේ නියුතු පුද්ගලික අංශය විසින් මෙරට ආර්ථික යාන්ත්‍රණයට විශාල දායකත්වයක් මෙන්ම වැදගත් කාර්යයභාරයක් ඉටු කර දෙනු ලැබේ.

    එහෙත් පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය අංශයේ සේවකයින් මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි සේවක පිරිසක් සේවා නියුක්තව සිටින පෞද්ගලික අංශයේ සේවකයින්ට කර්මාන්තශාලා දීර්ඝ කාලයක් වසා දැමීම නිසා වැටුප් ගෙවීම ගැටළුවක්ව ඇත.

    මේ වන විට පුද්ගලික අංශ අදියරෙන් අදියර විවෘත කරමින් සිටින අතර රජය විසින් ඒ පිළිබඳ ව සළකා බලා ඔවුන්ගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම එකඟතාවයට පැමිණි බව කියා සිටි ඒ මහතා පවත්නා බැරෑරුම් අවස්ථාවේ දී පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජිවිත සහ රක්ෂා තහවුරු වෙන පරිද්දෙන් සහ හාම්පුතුන් සහ ව්‍යවසායකයින්ට ඇතිවන අපහසුතාවය අඩුවන පරිද්දෙන් මෙවැනි එකඟතාවයකට පත් වීමට හැකි වීම පිළිබඳ රජය බෙහෙවින් සතුටට පත් වන බව ඒ මහතා මෙහි දී කියා සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya