මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිසර කඳවුරේ පී. සී. ආර්. පරීක්ෂණ - මුල්ලේරියාවේ තව පරීක්ෂණාගාරයක් - එකවර රෝගීන් 1000ක් පරික්ෂා කිරීමේ හැකියාව

    අප්‍රේල් 25, 2020

    වැලිසර නාවික හමුදා කඳවුරේ පී. සී. ආර් පරීක්ෂණ අද (25) දින සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    මෙම පරීක්ෂණ 400ක් පමණ සිදු කිරීමට නියමිතය.මේ වනවිට කඳවුර හුඳකල කර තිබෙන බවත් නිවාඩු ගොස් සිටින අය ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙන බවත් අනිල් ජාසිංහ මහතා පවසයි.
    නාවික හමුදාව මේ අවස්ථාවේ රෝගීන් සමඟ කටයුතු කරන කණ්ඩයම් ලෙස පුහුණුවක් තිබෙන අය බවත් සඳහන් කළ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා රෝගය ව්‍යාප්තවීම පාලනයටත් ඔවුන්  වෙනුවෙන් සෞඛ්‍ය අංශ කටයුතු සිදු කරමින් සිටින බවත් පැවසීය.

    වෛරසය තවමත් සමාජ ගතවිම වැඩි වීමක් නොමැති වුවත් මෙලෙස නාවික හමුදාවේ අයට රෝගය වැළදීම කණගාටුවට කරුණක් බවත් මෙය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්  පැවසීය

    පෞද්ගලික අංශය විසින් පී සී ආර් පරීක්ෂණ කරන්නේ අපගේ ධාරිතාවයෙන් ඔබ්බට ගිය පරීක්ෂණ පමණයි. මුල්ලේරියාවේ තව පරීක්ෂණාගාරයක් සකස් කරගෙන යනවා. දිනකට පරීක්ෂණ  1000ක් සිදු කරන්න හැකියාව තිබෙනවා. පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා යැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya